ජනපති සහ TNA අතර විශේෂ සාකච්ඡාවක් අද

ජනපති සහ TNA අතර විශේෂ සාකච්ඡාවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව අද පස්වරු 4.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බලය බෙදා හැරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත ය.

උතුරේ ජනතාව නැවත පදිංචි කිරීම, හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවනු ඇතැයි වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවට දෙමළ සන්ධානය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගි වන්නැයි දැනුම් දී තිබේ.

Share This