ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට පාකිස්ථානය සමත්විය.

මේ අතර ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුශංක අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත් අතර ඒ අනුව ඔහු සහ අසිත ප්‍රනාන්දු අද තරගයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර මේ දක්වා ටෙස්ට් තරග 58ක් පවත්වා ඇති අතර ඉන් තරග 22ක් පකිස්ථානය ජයගෙන ඇති අතර තරග 17ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.

තරග 19ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මධුශංක.

Share This