ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (30) චිතගොන්හි දී ආරම්භ වෙයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී කණ්ඩායමේ නායක ධනංජය සිල්වා තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 328ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරයි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ ශකීබ් අල් හසන් අද තරගයට ක්‍රීඩා කරනු ඇති.

මෙම කණ්ඩායම් දෙක අතර චොට්ටොග්‍රාම්හීදී පැවැති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළේ, චොට්ටොග්‍රාම් තණතිල්ල පිතිකරුවන් සඳහා යෝග්‍ය තණතිල්ලක් බවයි.

Share This