වසරේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවලියෙන් newsi.lk වෙත කුසලතා සම්මානයක්

වසරේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවලියෙන් newsi.lk වෙත කුසලතා සම්මානයක්

වසරේ හොඳම වෙබ් අඩවිය තේරීම නිමිත්තෙන් එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන බෙස්ට් වෙබ්. එල්.කේ. (Bestweb.lk) තරගාවලියේ හොඳම මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාත්මක වෙබ් අඩවිය සඳහා වන කුසලතා සම්මාන ලබා ගැනීමට newsi.lk වෙබ් අඩවියට හැකිවිය.

මේ සඳහා මනාපය ලබා දුන් ඔබ සියලු දෙනා වෙත newsi කාර්ය මණ්ඩලයේ කාරුණික ස්තූතිය පළකර සිටිමු.

එම කාණ්ඩය යටතේ තවත් කුසලතා සම්මානයක් vidivelli වෙබ් අඩවියට හිමිවිය.

ප්‍රමුඛ පෙළේ විනිසුරු මඩුල්ලක් විසින් අදාළ සම්මාන සඳහා වෙබ් අඩවි තෝරා ගැනුණු අතර තාක්ෂණය, නිර්මාණාත්මභාවය, අන්තර්ගතය සහ අන්තර් ක්‍රියාකාරීත්වය එහිදී සලකා බැලිනි.

මේ අතර, හොඳම මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාත්මක කාණ්ඩයේ වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය මෙවර ද කිසිඳු මාධ්‍ය ආයතනයකට හිමි වී නොතිබුණි.

එහි රිදී සම්මානය මෙවර “හිරු tv” වෙබ් අඩවියට හිමිවිය.

හොඳම පුද්ගලික වෙබ් අඩවිය ලෙස යොහානි.lk වෙබ් අඩවිය සම්මාන දිනා ගැනීමට ද සමත්ව ඇත.

විවිධ කාන්ඩ යටතේ වෙබ් අඩවි ඇගයීමට ලක් කිරිමද මෙහිදි සිදුවිය.

BestWeb.LK සම්මාන උළෙලට මූලිකත්වය ගනු ලබන්නේ, L.K. ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )