දෙහිවල නිවසකින් මැගසින් තොගයක් හමුවෙයි

දෙහිවල නිවසකින් මැගසින් තොගයක් හමුවෙයි

යම් පාතාල කණ්ඩායමකට අයත් බවට සැක කරන ටී 56 ජීව උණ්ඩ යොදන හිස් මැගසින් 16 ක්, ගංජා තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු දෙහිවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, දෙහිවල ගල් විහාර පාර නිවසක පදිංචි පුද්ගලයෙකු දෙහිවල ගල්වල පාරේ විශේෂ මාර්ග බාධකයකදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකරු සමග මැගසින් වලට අමතරව ගංජා කිලෝ 3 ගෑම් 416 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 40 ක් පොලිස් භාරයට ගෙන ඇත.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව දෙහිවල ගල්වල පාරේ පෙරේදා (09) රාත්‍රීයේ විශේෂ මාර්ග බාධකයක් යොදා සැකකටයුතු වාහන පරික්ෂා කිරීමේදී සැකකරු පැමිණි යතුරුපැදිය නවතා සිදු කළ පරික්ෂාවේදී ගංජා කිලෝ 2 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පසුව, සැකකරු පදිංචි දෙහිවල ගල් විහාර පාරේ නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමේදී තවත් ගංජා කිලෝ එකයි ග්‍රෑම් 416 ක් හා ඇඳක් යට පාර්සල් තුනක බහා තිබූ මැගසින් තොගය හමු වූ බව පොලිසිය පවසයි.

Share This