වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව ගත් තීරණය

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව ගත් තීරණය

ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව පැවසීය.

එහිදී වෛද්‍ය ජී. විජේසුරිය ට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )