Home Trending News අපි තනි ආණ්ඩුවක් හදනවා – අගමැති හමුවෙන් පසු එජාප පසුපෙල මන්ත්‍රිවරු කිව්ව...

අපි තනි ආණ්ඩුවක් හදනවා – අගමැති හමුවෙන් පසු එජාප පසුපෙල මන්ත්‍රිවරු කිව්ව කතා

15
0
SHARE

අපි තනි ආණ්ඩුවක් හදනවා – අගමැති හමුවෙන් පසු එජාප පසුපෙල මන්ත්‍රිවරු කිව්ව කතා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්‌ඩුවේ එජාප කැබිනට්‌ ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් නියෝජ්‍ය ඇමැතිවරුන් අතර විශේෂ සාකච්ඡා 3 ක්‌ අරලියගහ මන්දිරයේදී වෙන වෙනම පවත්වා තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රතිඵලය අනුව ජනතා මතය තේරුම් අරගෙන වැඩ කළ යුතු බවත් ආණ්‌ඩුවේ විශාල වෙනස්‌කම් කිහිපයක්‌ සිදු විය යුතු බවත් එම ඇමැතිවරුන් අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

එජාප පසු පෙළ නායකත්වය ඉදිරියට ගෙන ආ යුතු බවත් පසු පෙළ ශක්‌තිමත් නොකර එජාපයට ඉදිරියට යැමට අපහසු බවත් ඇමැතිවරුන් අගමැතිවරයාට දන්වා තිබේ.

අගමැතිවරයා සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර පැවති හමුවේදී රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා එජාපයේ නායකත්වයේ වෙනසක්‌ ඇති විය යුතු බවටත් අවධානය යොමු කර තිබේ.

කැබිනට්‌, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් අතර පැවති එම හමුවීම් වලදී පසුව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි වැඩ කටයුතු පිළිබඳව තීන්දුවක්‌ ලබා දෙන බවට අගමැතිවරයා ඔවුන්ට දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here