Home Trending News රජය ගෙනයන්න ජනපතිටත් අග‍මැතිටත් අයිතියක් නෑ – ජාතික සංවිධාන එකමුතුව

රජය ගෙනයන්න ජනපතිටත් අග‍මැතිටත් අයිතියක් නෑ – ජාතික සංවිධාන එකමුතුව

12
0
SHARE

යහපාලන ජාතික රජය තවදුරටත් පවත්වාගෙන යාමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපල මගින් වත්මන් ආණ්ඩුව ඉවත්ව ගෙදර යා යුතුය යන පණිවුඩය මහජනතාව ලබා දී ඇති බවත් මහජන මතයට ගරු කරමින් තීන්දුවක් ගැනීමට වත්මන් රජයට සිදුවන බවත්  ඔහු කියා සිටියේය.

රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව  අද (13) කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැ`දවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද කීය.

‘‘ මේ පළාත් පාළන මැතිවරණයේ ජයග‍්‍රහනය අපි දකින්නේ  දේශපාලන ජයග‍්‍රහනයකට වඩා  බහුතර මහජනයා කරන ලද  නිහඩ විප්ලවයක් විදියටයි.

1956  සිදුවූ විප්ලවයටත් වඩා විශාල  ප‍්‍රමාණයෙන් සිදුවු මහජන විප්ලවයක් විදියටයි අපි මෙය දකින්නේ.  ඒ නිසා මෙහි ගෞරවය සම්පූර්නයෙන්ම  හිමිවිය යුත්තේ මේ  රටේ බහුතර ජනතාවටයි.
මේ ජයග‍්‍රහනයෙන්  ජනතාව හොද පණිවුඩයක් දීලා තියෙනවා. මේ දැන් තියෙන රජය මුල ඉඳලම අවජාතක රජයක්. විජාතික  කුමන්ත‍්‍රණකාරයින්  බලයට ගෙන එන ලද මේ රටේ ජනතාව  රවටලා ලබාගත් රජයක් මේක.

මේ රජය පත්වුන දවසේ ඉදලා  කටයුතු කලේ ව්‍යවස්ථා විරෝධී විදියටයි. කොහොමද අගමැති  පත්කලේ කොහොමද හිටපු  අගවිනිසුරු අයින් කලේ පරාද  වෙච්ච මන්ත‍්‍රිවරුන් අරගෙන ඇමතිකම් දීලා ව්‍යවස්ථා විරෝධී විදියට  මේ රජය කටයුතු කළා. අවසානයේ මහජනතාව නියම තීන්දුවක් ලබා දීලා තියෙනවා.

මේ රජය තව කී දවසක් තියෙයිද දන්නේ නැහැ.  2020 වෙනකම් නීත්‍යානුකූලව  තියෙනන් ඉඩ තියෙනවා ඊට ඉස්සෙල්ලා  කඩා වැටෙන්න පුලූවන්. ඒ කෙසේ වෙතත්  ඊලඟට ඇතිවන  රජය සිදුකළ යුතු  කටයුතු  මොනවද කියලා අවබෝධ කරගෙන කටයුතු කිරීමට  මහින්ද රාජපක්ෂත් රටේ ජනතාවත්  සූදානම් විය යුතුයි යැයිද ඔහු පැවසීය.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here