Home Foreign 71 මරු කැදවූ රුසියානු ගුවන් අනතුර සොයා පරික්ෂණ

71 මරු කැදවූ රුසියානු ගුවන් අනතුර සොයා පරික්ෂණ

11
0
SHARE

මගීන් හා කාර්ය මණ්‌ඩලයේ 71 දෙනකු සමඟ අනතුරට පත් රුසියානු ගුවන් යානය සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු සඳහා රුසියානු විශේෂඥයන් කණ්‌ඩායමක්‌ අනතුර සිදුවූ ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

සරටොව් ගුවන් සේවයට අයත් ඇන්ටනෝව් 148 වර්ගයට අයත් මෙම ජෙට්‌ යානය ඩොමෝ ඩෙඩෝවෝ ගුවන් තොටුපළෙන් ඉහළට නංවා විනාඩි කීපයකට පසු කඩා වැටිණි.

අනතුරට හේතුව අයහපත් කාලගුණය, ගුවන් නියමුවන්ගේ අත්වැරදි හෝ තාක්‍ෂණික දෝෂ යන කරුණු අතරින් කුමක්‌ද යන්න පිළිබඳව පරීක්‍ෂණ සිදු කෙරේ.

කෙසේ වෙතත් ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ මීට හේතුවීද යන්න සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් තවමත් කිසිවක්‌ ප්‍රකාශ කර නැත.

මොස්‌කව් නගරයට කිලෝමීටර් අසූවක්‌ ඈතින් හිමෙන් වැසුණු අර්ගුනෝවෝ ප්‍රදේශයට යානය කඩාවැටුණු අතර විශාල ප්‍රදේශයක යානයේ සුන්බුන් හා මගීන්ගේ සිරුරු කොටස්‌ විසිරී තිබේ.

අනතුරට පත් පිරිස අතර දරුවෝ තිදෙනෙක්‌ ද වෙති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here