Home Sports සුගතදාසය වසර 3ට පසු ක්‍රීඩකයන්ට

සුගතදාසය වසර 3ට පසු ක්‍රීඩකයන්ට

9
0
SHARE

වසර තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ප්‍රතිසංස්‌කරණ තත්ත්වයේ පැවැති කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු මෙම මස 28 වැනිදාට ප්‍රථම අවසන් කිරීමට නියමිත බවට අදාළ කොන්ත්‍රාත් සමාගමේ සාමාජිකයෙක්‌ ‘දිවයින’ ට පැවසීය.

විවිධ හේතූන් මත සහ ටෙන්ඩර් පටිපාටියේ කඹ ඇදිලි හේතුවෙන් ප්‍රමාදයට පත්වූ සුගතදාස ක්‍රීඩාංගණයේ මේ වනවිට ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් සියයට 80 ක්‌ පමණ අවසන් බවට වාර්තා වේ.

තවදුරටත් ක්‍රීඩාංගණයේ සහ පුහුණු ධාවන පථය එළීමේ කටයුතු ඉතිරිව පවතින අතර එය යහපත් කාලගුණයක්‌ පවතින අවස්‌ථාවකදී කිරීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් මාසයකට මිලියන දෙකකට අධික මුදලක්‌ සමස්‌ත ක්‍රීඩාංගණයෙන් සුගතදාස පාලනාධිකාරියට ලැබුණු අතර මෙම ප්‍රතිසංස්‌කරණ කටයුතු හේතුවෙන් වසර තුනක කාලයක සිට අදාළ මුදල් ලැබීම පැහැදිලිවම අඩු තත්ත්වයක පවතින බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩාංගණ වන සුගතදාස සහ දියගම යන ක්‍රීඩාංගණ දෙකම අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පුහුණු තරගාවලිය පැවැත්වීමට පවා සුදුසු ස්‌ථානයක්‌ නොමැති තත්ත්වයක්‌ මේ හේතුවෙන් උද්ගත විය.

පවසන පරිදි මෙම මස අගවනවිට ධාවන පථයේ වැඩ කටයුතු අවසන් වුවහොත් පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උලෙළට පෙර මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එය භාවිතා කිරීමේ අවස්‌ථාව උදාවනු ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම උදෙසා සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ සභාපතිවරයාව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප විටක්‌ම ‘දිවයින’ උත්සාහ කළ නමුත් ඔහුගේ දුරකතනයේ ප්‍රතිචාරයක්‌ නොවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here