Home Trending News ඉදිරි දේශපාලනය ගැන ජනපති – අගමැති අතර කිසිදු තීරණයකට එළඹ නෑ –...

ඉදිරි දේශපාලනය ගැන ජනපති – අගමැති අතර කිසිදු තීරණයකට එළඹ නෑ – ජනාධිපති මාධ්‍ය අංශය කියයි

11
0
SHARE

පළාත් පාලන මැතිවරණයෙන් පසුව එම ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්‌ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මෙතෙක්‌ කිසිදු එකඟතාවකට හෝ තීරණයකට පැමිණ නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනය මෙසේය.පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ඇතිවූවා යෑයි කියන එකඟතා පිළිබඳව ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් තිබේ.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්‌ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවකට එළඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්‌ෂේප කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here