Home Trending News “ඉදිආප්පන් ටිකක් කාලා හොරෙන් ආණ්ඩුවක් හදන්න අපිට ඕනෑ නෑ ” – හිටපු ජනාධිපති...

“ඉදිආප්පන් ටිකක් කාලා හොරෙන් ආණ්ඩුවක් හදන්න අපිට ඕනෑ නෑ ” – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

3364
0
SHARE

“ඉදිආප්පන් ටිකක් කාලා හොරෙන් ආණ්ඩුවක් හදන්න අපිට ඕනෑ නෑ ” – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

පැවති පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජයග්‍රහණය උදෙසා ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ජනතාවට ස්තූතිය පුද කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය ජනමත විමසුමක් ලෙස සැළකිය යුතු බවයි.

ඒ අනුව ආණ්ඩුව විසින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වා ජනතාවට තීන්දුවක් ලබා දීමට අවස්ථාවක් ලබා දිය යුතු බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here