Home Foreign බංගලාදේශ විපක්‌ෂ නායිකා කලිඩා ෂියා වසර 5 ක්‌ හිරගෙට

බංගලාදේශ විපක්‌ෂ නායිකා කලිඩා ෂියා වසර 5 ක්‌ හිරගෙට

9
0
SHARE

දූෂණ චෝදනාව මත බංගලාදේශ අධිකරණයක්‌ මගින් එරට විපක්‌ෂ නායිකා බෙගම් කලිඩා ෂියා මහත්මියට වසර පහක සිරදඬුවමක්‌ නියම කර ඇත.

මෙම සිරදඬුවම නියම කිරීමත් සමඟම බංගලාදේශයේ විපක්‌ෂ ආධාරකරුවන් හා පොලිසිය අතර ගැටුම් ආරම්භ වී තිබේ.

ළමා නිවාසයක්‌ සඳහා ලබාගත් ඩොලර් ලක්‌ෂ දෙකක මුදල් වංචා කිරීම ඇයට එල්ල වී ඇති චෝදනාවයි.

හිටපු අධිකරණ ඇමැති මහුමුද් අහමඩ් පවසන්නේ මෙම දඬුවම අපරාධ චෝදනාවක්‌ නොව දේශපාලන පළිගැනීමක්‌ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here