Home Foreign හිටපු ජනාධිපති අත්අඩංගුවට.. ඒකාබද්ද විපක්‍ෂයෙන් මාධ්‍ය හමුවක්

හිටපු ජනාධිපති අත්අඩංගුවට.. ඒකාබද්ද විපක්‍ෂයෙන් මාධ්‍ය හමුවක්

19
0
SHARE

හිටපු ජනාධිපති අත්අඩංගුවට.. ඒකාබද්ද විපක්‍ෂයෙන් මාධ්‍ය හමුවක්

මාලදිවයිනේ අබ්දුල් ගයුම් හිටපු ජනාධිපති එරට පොලිසිය විසින අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ නිවස වටලා ඇති විශාල පොලිස් බල ඇණියක් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අබ්දුල් ගයුම් හිටපු ජනාධීපතිවරයා අබ්දුල්ලා යමීන් වත්මන් ජනාධිපතිගේ අර්ධ සහෝදරයෙක් වෙයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් එරට ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක නොකිරීම නිසා එහි දේශපාලන අර්බුදය උග‍්‍ර තත්වයට පත්ව ඇති අතර දින 15ක හදිසි තත්ත්වයක්ද ප‍්‍රකාශයට පත් කර ඇත.

අගවිනිසුරවරයා ඇතුළු පිරිසක්ද මේ වන විට බලහත්කාරයෙන් රදවාගෙන සිටී.

මේ අතර ආණ්ඩුව ව්‍යවස්තාව උල්ලංඝණය කරන්නේ යයි එරට ඒකාබද්ද විපක්‍ෂය විසින් මාධ්‍ය හමුවක් පවත්වා සදහන් කලේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here