Home Developing Story බෙල්ලන්විල විමලරතනඅනුනාහිමිගේ අපවත්වීම ගැන ජනතා අදහස්‌

බෙල්ලන්විල විමලරතනඅනුනාහිමිගේ අපවත්වීම ගැන ජනතා අදහස්‌

35
0
SHARE

බෙල්ලන්විල විමලරතනඅනුනාහිමිගේ අපවත්වීම ගැන ජනතා අදහස්‌

 

බෞද්ධවාසී අපට දරාගන්න බෑ – පන්නිපිටියේ ශ්‍රීපාලි අල්විස්‌

“රට ජාතිය වෙනුවෙන් නොබියව කතාකරපු සෝම හාමුදුරුවන්, සෝභිත හාමුදුරුවන්ට පස්‌සේ නිරන්තරයෙන්ම හඬ නැගූ අපේ බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අපවත්වීම බෞද්ධවාසී අපට දරාගන්න බැහැ…” යෑයි පන්නිපිටියේ ශ්‍රීපාලි අල්විස්‌ මහතා පැවසීය.

අප උන්වහන්සේගේ අපවත්වීම සම්බනධයෙන් තොරතුරු සොයා ඊයේ (05 වැනිදා) එම විහාරස්‌ථානයට ගිය මොහොතේ උන්වහන්සේගේ හදිසි අපවත්වීම සැලවී දිවයිනේ නන්දෙසින් උන්වහන්සේට ගෞරව දක්‌වන්නට ලක්‌ෂ සංඛ්‍යාත ජනකායක්‌ ඇදී එමින් තිබුණි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ශ්‍රීපාලි අල්විස්‌ මහතා මෙසේද කීය.

රටට ජාතියට විවිධ බලවේග එල්ලවෙමින් තිබෙන මොහොතක උන්වහන්සේගේ මේ අපවත්වීම බෞද්ධ ජනතාවගේ අවාසනාව. උන්වහන්සේ නිරතුරුව ජනතාවට සිදුවන අසාධාරණය වෙනුවෙන් හඬක්‌ නගපු හිමිනමක්‌.

හාමුදුරුවන්ගේ අහිමිවීම ජාතියටම අභාග්‍යයක්‌ – බෙල්ලන්විල ගුණපාල රාජකරුණා මහතා

– මේ රටේ හිටපු අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට, සෝභිත හාමුදුරුවන්ට පස්‌සේ සෘජු අදහස්‌ පළ කළ හාමුදුරුවන් වහන්සේ නමක්‌ මේ ජාතියට අහිමිවීම ජාතියේම අභාග්‍යයක්‌.

බෞද්ධ ජනතාව වෙනුවෙන් නිතර පෙනී සිටියා

දෙහිවල ප්‍රසන්න පෙරේරා මහතා –

උන්වහන්සේ බෞදධ ජනතාව වෙනුවෙන් නිතරම පෙනී සිටි හිමිනමක්‌. බෙල්ලන්විල පෙරහැර හැඩ වැඩ වුණේ උන්වහන්සේ නිසයි. උන්වහන්සේ හදිසි අනතුරකින් අපවත්වූවා කිව්වාම මට හිතා ගන්න බැරිවුණා.

හාමුදුරුවන්ට ඇතා ගහලා කියලා ෆේස්‌ බුක්‌වලින් මඩ ගැසීම නිගරුවක්‌

අකුරැස්‌ස පී. පී. කීර්ති මහතා –

ඇතෙක්‌ කහ සිවුරක්‌ පොරවා ගත් හාමුදුරු නමකට ගහන්නේ නැහැ. මේක බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ ඇතාට කෑම දෙන්න ගිහින් ඇද වැටීමෙන් සිදුවූ අනතුරක්‌. ෆේස්‌ බුක්‌වල ගොසිප්වල මඩ ගහනවා හාමුදුරුවන්ට ඇතා ගහලා කියලා. එහෙම දෙයක්‌ නෙමෙයි වෙලා තියෙන්නේ. මේ මඩ ගහන්නේ බෞද්ධාගමට නේද?

රට ජාතියට කරපු ශාසනික මෙහෙවර සදා නොමැකෙනවා

අත්තිඩිය සීතා රත්නායක මහත්මිය –

මේ ඇතා හාමුදුරුවන්ට ආදරෙයි. මේක ඇතා ගහලා නෙමෙයි. ඇතා ගහලා කියලා වෙබ්වලින් මඩ ගහන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. කොහොම වුණත් බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවෝ මේ රටට ජාතියට කරපු ශාසනික මෙහෙවර සදා තියේවි.

උන්වහන්සේ ජාති කුල භේද සැලකුවේ නැහැ

රත්තනපිටිය සුදත් තිලකේ මහතා –

උන්වහන්සේගේ ශාසනික මෙහෙවර අවැසි මොහොතකදී උන්වහන්සේගේ අපවත්වීම රටට ජාතියට බලවත් පාඩුවක්‌. උන්වහන්සේ හැම කෙනෙකුටම ආදරය කළා, ජාති කුල භේදයකින් තොරව.

බෙල්ලන්විල පන්සල එළියවුණේ  හාමුදුරුවෝ නිසයි

නුගේගොඩ පුෂ්පා විඡේරත්න මහත්මිය –

මේ බෙල්ලන්විල පන්සල එළිය වුණේ උන්වහන්සේ නිසා. මම මේ පන්සලට ආවොත් උන්වහන්සේ මුණ ගැහිලයි යන්නේ. උන්වහන්සේ විවිධ මිථ්‍යා දෘෂ්ටිකයින්ගෙන් රටට එල්ලවන දේවල් ගැන කතා කළා.

උන්වහන්සේ සතා සිවුපාවාටත් ආදරය කළා

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිගේ පෞද්ගලික ලේකම් ලසන්ත රත්නායක මහතා –

මම උන්වහන්සේ ළඟ අවුරුදු 10 1/2 ක්‌ තිස්‌සේ සිටියා. උන්වහන්සේ මිනිසුන්ට විතරක්‌ නොවෙයි සතා සිවුපාවාට, ගහකොළවලට පවා ආදරය කළා. කල්ලිවාදය, වර්ගවාදය හාමුදුරුවෝ දැඩිව ප්‍රතික්‌ෂේප කළා.

හාමුදුරුවෝ මේ “මියන් කුමාර” ඇතාට සුපුරුදු විදිහට පලතුරු කෑම කවනවා. වෙනදාට ඇත්ගොව්වා උන්වහන්සේ වැඩසිටින ස්‌ථානයට කැඳවාගෙන ආවාම උන්වහන්සේ පලතුරු කවනවා. නමුත් මේ සිද්ධිය වුණු දා ඇත්ගොව්වා නිවාඩු. මේ නිසා හාමුදුරුවෝ තනියම පලතුරු අරන් ඇතා ඉන්න තැනට ගියා. හාමුදුරුවෝ තනියෙන්ම ඇතාට පලතුරු කැව්වා. ඒ වෙන කොට උන්වහන්සේ පය ලිස්‌සලා බිමට වැටිලා තිබෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්,  ඥානතිස්‌ස ජයවර්ධන – බොරලැස්‌ගමුව සහ එස්‌. පී. ආරියරත්න – රත්මලාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here