Home Trending News පළාත් පාලන ආයතන සභික ගැසට්‌ පත්‍රය එයි

පළාත් පාලන ආයතන සභික ගැසට්‌ පත්‍රය එයි

118
0
SHARE
පළාත් පාලන ආයතන සභික ගැසට්‌ පත්‍රය එයි

පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට්‌ නිවේදනය ඉකුත් සිකුරාදා (10 දා) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරිණි. 04-පිටුවට

නව ගැසට්‌ නිවේදනයට අනුව පළාත් පාලන ආයතන 336 ක ප්‍රමාණය 441 ක්‌ දක්‌වා වැඩි විය. එයට මහ නගර 24 ක්‌, නගර සභා 41 ක්‌ සහ ප්‍රාදේශීය සභා 276 ක්‌ ඇතුළත් වේ. වැඩිකරන ලද පළාත් පාලන ආයතන පහ අතර මහ නගර සභාවක්‌ සහ ප්‍රාදේශීය සභා 04 ක්‌ වේ.

අඹගමුව ප්‍රාදේශීය සභාවට අමතරව නෝර්වුඩ් සහ මස්‌කෙළිය ලෙස නව ප්‍රාදේශීය සභා 2 ක්‌ ද, නුවරඑළිය ප්‍රාදේශීය සභාවට අමතරව ආගරපතන සහ කොටගල නව ප්‍රාදේශීය සභා 02 ක්‌ ද. පොලොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය සභාව වෙනුවට පොලොන්නරුව මහ නගර සභාවක්‌ සහ පොලොන්නරුව ප්‍රාදේශීය සභාවක්‌ ස්‌ථාපිත කර තිබේ.

නව ගැසට්‌ නිවේදනයට අනුව පළාත් පාලන සභික සංඛ්‍යාව 4486 සිට 8356 ක්‌ දක්‌වා 3870 ක වැඩිවීමක්‌ සිදු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here